බයිඩන් චීන ජනපති ජින්පින් අමතයි



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර දුරකතන සංවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

එහිදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර සාකච්ඡා කෙරෙනු ඇත්තේ රුසියනු යුක්රේන යුද්ධය යැයි ද ධවල මන්දිරය වැඩිදුරටත් පවසා තිබේ.

ඇමෙරිකාව සහ චීනයට වඩා, රුසියාව සහ චීනය අතරේ සමීප සබඳතා පවතී. චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට පවසා ඇත්තේ කොන්දේසි විරහිතව චීනය රුසියාවට සහාය දක්වන බවය.

ඇමෙරිකාව චීනයට දිගින් දිගටම පවසා ඇත්තේ, යුක්රේන අර්බුදයේ දී චීනය රුසියාවට සහාය දැක්වීමක් කළොත් එය බරපතල ඵලවිපාකවලට මුහුණ දීමට චීනයට සිදුවනු ඇති බවය. ඇමෙරිකන් බුද්ධි අංශ පවසා ඇත්තේ රුසියානු රජය චීනයෙන් හමුදා උපංග සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා ඉල්ලා ඇති බවය.

කෙසේ නමුත් රුසියාව පවසා ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක චීනයෙන් හමුදාමය සහාය ඉල්ලා නැති බවය. චීනය ද පවසා ඇත්තේ රුසියාව තමන්ගෙන් හමුදාමය සහාය ඉල්ලීමක් කර නැති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS