බයිඩන්ගේ කොරෝනා පහව යන ලකුණු



දෙවරක් ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ තත්ත්වය යහපත් බවත්, නවතම පරීක්ෂණ වාර්තාව අනුව, බයිඩන්ගේ සිරුරේ වයිරසය නැති බවත් ධවල මන්දිරය නිවේදනය කළේය.

79 හැවිරිදි බයිඩන්ට පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදනය වූයේ ජූලි 21 වැනිදාය.

ඔහු ප්‍රකෘති තත්ත්වයට පත් වීමෙන් පසු පරීක්ෂණ දෙකකට යොමු කෙරුණු අතර දෙවැනි පරීක්ෂණයේ දී යළිත් ‘කොවිඩ් 19’ ආසාදනය වී තිබුණි. ඒ අනුව ජූලි 21 වැනිදා සිට තවමත් බයිඩන් ධවල මන්දිරයේ නිරෝධායනයේ සිටිමින් සිය රාජකාරිවල නියැළෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS