බංග්ලාදේශයේ විදුලි අර්බුදයක්



අදානි බලශක්ති සමාගමේ අවසන් නිවේදනයත් සමග 7 වැනිදා ට පසුව බංග්ලාදේශය විශාල බලශක්ති අර්බුදයකට තල්ලු විය හැකි බැවින් එයට මැදිහත් වන ලෙස බංග්ලාදේශ රජය ඉන්දියාවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශයට ඉන්දීය සමාගම් තුනක් විදුලිය අපනයනය කරන අතර එම සමාගම් තමන්ට අයවිය යුතු හිඟ මුදල් අය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරමින් සිටී. සයිල් එනර්ජි ඉන්දියා, පී.ටී.සී ඉන්දියා සහ අදානි පවර් ජකාන්ද් යන සමාගම් බංග්ලාදේශයට විදුලිය අපනයනය කරයි.

විදුලිය බලය සැපයීම වෙනුවෙන් අයවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 846 ක හිඟ මුදල ගෙවීම අනිද්දා(07) ට පෙර ගෙවා අවසන් කර ලැබීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක ණයවර ලිපි ලබාදීමට කටයුතු නොකළහොත් බංග්ලාදේශයට සපයන විදුලිය බලය සම්පූර්ණයෙන්ම නවතා දමන බව අදානි පවර් ජකාන්ද් සමාගම බංග්ලාදේශ රජයට දැනුම්දී ඇත.

බංග්ලාදේශයට අවසන් දිනයට පෙර හිඟ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බවත් ඒ හේතුවෙන් අදානි බලශක්ති සමාගම විදුලිය සැපයීම නවතා දැමුවහොත් බංග්ලාදේශයට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.


RECOMMEND POSTS