පොලිසියේ ක්‍රමෝපායන් වෙනස් කෙරේ



ඇමෙරිකන් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමෝපායන් වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා බලධාරීන්‍ගේ අවදානය යොමු වී තිබේ.

ඇමෙරිකා පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේද වෙනස් කළ යුතු බව ට්‍රම්ප්ගේ ද අදහස ය.

පසුගිය දා රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් කියා සිටියේ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමෝපායන් වෙනස් කළ යුතු බවය. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී පොලිසියට බලය භාවිතා කිරීමට සිදුවනු ඇත බව ද ට්‍රම්ප් පැහැදිලි කළේය.

ඒ අනුව, ඇමෙරිකා ජනපතිගේ ස්ථාවරය සම්බන්ධයෙන්, ප්‍රාන්ත බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් අතර මත ගැටුම් නිර් මාණය වී ඇති අතර, පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඇමෙරිකාවේ ආරම්භ වූ 'බ්ලැක් ලයිව්ස් මැටර්' විරෝධතාවල අඩුවක් ද දකින්න නොලැබේ.

ඇමෙරිකා පොලිසිය කෙරෙහි ජනතා අප්‍රසාදය ගොඩ නැගුණේ මිනියැපොලිස් නුවරදී ජෝජ් ෆ්ලොයිඩ් පොලිස් අතඅඩංගුවේ සිටියදී පසුගිය 25 වැනිදා මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමිනි. එම සිදුවීමෙන් පසු මිනියැපොලිස් නගර බලධාරීන් තීරණය කර කළේ පවතින පොලිස් සේවය ඔවුන්ට අවශ්‍ය නොවන බවය.

මිනියැපොලිස් පොලිස් නිලධාරීන් ජෝජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගත්තේ, මාංචු දමා ඔහු බිම පෙරළා දණ හිසින් ඔහුගේ ගෙල සිරකරමිනි. පිරිස් පාලනයේ දී මේ අයුරින් අත්අඩංගුවට ගැනීමට පොලසියට උගන්වන තිබේ.

මෙම උපක්‍රමය තහනම් කිරීමට ඇමෙරිකන් ප්‍රාන්ත ආණ්ඩු කීපයක් කැමැත්ත පළ කර ඇති අතර, එම තීන්දුව සම්බන්ධයෙන් වාද විවාද පවතී. ඊට අමතරව, ප්‍රාන්ත මට්ටමින් ඇමෙරිකන්  පොලිස් සේවාවට අරමුදල් ලබා දීම වැලැක්වීමට ද පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

වොෂින්ට‍නයේදීය (රොයිටර්)


RECOMMEND POSTS