පොලිසියෙන් රබර් උණ්ඩ ප්‍රහාර
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සුපිරි වෙළෙසැලකට පැමිණ සිටි පිරිසකට ජොහැන්නස්බර්ග් පොලිසිය රබර් උණ්ඩවලින් වෙඩි තැබූ බව පැවැසෙයි.
‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් දකුණු අප්‍රිකාව ‘ලොක් ඩුව්න්’ කර ඇත. දකුණු අප්‍රිකා රජය අද (28) ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සහන කාලයක් ලබා දුන්නේය.
එම සහන කාලයේ දී එකිනෙකාට මීටරයක් දුරින් සිට භාණ්ඩ මිලදී ගන්නැයි ජනතාවට උපදෙස් දී තිබුණු අතර, ජනතාව ඊට කන් නොදී භාණ්ඩ මිලදී ගැනීමට පොරකන්න විය.
ඒ අනුව, ජොහැන්නස්බර්ග් පොලිසිය රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තබා පිරිස විසුරුවා හැරිය බව පැවැසෙයි.
(රොයිටර්)