පේලේගේ තත්ත්වය හොඳ නෑ



බ්‍රසීල පාපන්දු සුපිරි තරුව පේලේගේ හදවත සහ වකුගඩු ඉතා දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති.

82 හැවිරිදි පේලේ, පිළිකා රෝගියකු වන අතර, පසුගිය නොවැම්බර් 29 වැනිදා ඔහු රෝහල්ගත කෙරුණේ එම පිළිකා තත්ත්වය උත්සන්න වීමෙනි.

ලොව එදා මෙදා විශිෂ්ටතම පාපන්දු ශූරයකු ලෙස සැලකෙන්නේ පේලේය. පේලේ ඇතුළත් කර සිටින්නේ, සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.

කෙසේ නමුත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේලේ මේ වනවිට සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බවත්, අවශ්‍ය සියලු ප්‍රතිකාර අඩුවක් නැතිව ලබා දෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS