පේරු ජනපති කැස්ටෙලෝ නෙරපා දැමෙයි



අර්බුද රැසකට මුහුණ දුන් පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටෙලෝට බලය අහිමි විය. ඒ, පේරු විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්වුණු බැවිනි.

දෝෂාභියෝගයට පේද්‍රෝ කැස්ටෙලෝගේ පාලක පක්ෂයේ බොහෝ සාමාජිකයන්ගේ පමණක් නොව උප ජනාධිපතිනී ඩීනා බොලුරේට්ගේ සහාය හිමිවිය.

කැස්ටෙලෝට ජනාධිපති ධුරය අහිමිවීමෙන් පසු ජනාධිපති ධුරයට උප ජනාධිපතිනී ඩීනා බොලුරේට් සුදුසු යැයි පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලැබුණි.

ඒ අනුව, බොලුරේට් පේරු නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නාය. ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව මෙයයි.

53 හැවිරිදි පේද්‍රෝ කැස්ටෙලෝ බලයට පැමිණියේ මීට මාස 18 කට පෙරය.  පේද්‍රෝ කැස්ටෙලෝ ගුරුවරයෙක් ද විය. පේද්‍රෝ කැස්ටෙලෝ සහ ඔහුගේ පවුලේ අයට දූෂණ චෝදනා එල්ල වීමෙන් අර්බුදය ආරම්භ විය.

අර්බුදයෙන් මිදීමට සහ පක්ෂයෙන් එල්ල වුණු විරෝධය මඟ හරවා ගැනීමට කැස්ටෙලෝ අවස්ථා කීපයකදී කැබිනට් සංශෝධන පවා සිදු කළේය. පක්ෂයෙන්, විපක්ෂයෙන් පමණක් නොව ජනතාවගෙන් ද කැස්ටෙලෝ ට විරෝධයක් එල්ල වන්න විය.

(රොයිටර්)


RECOMMEND POSTS