පෙෂවෝර් පල්ලියක බෝම්බයක්



පාකිස්තානයේ වයඹ දිග නගරයක් වන පෙෂාවෝර් හි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50ක වැඩි පිරිසක් මියගොස් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

පෙෂාවෝර් පැරැණි නගරයේ කුචා රිසාල්දාර් හි පිහිටි ෂියා මුස්ලිම් පල්ලියකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.

රෝහල් ආරංචි මාර්ගවලට අනුව මේ වනවිට 56 දෙනකු මියගොස් ඇති අතර 194 කු තුවාල ලබා ඇත. තුවාල ලබා ඇති අයගෙන් බොහෝදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද එම වාර්තාවලින් කියැවිණි.

ප්‍රහාරයේ වගකීම සිකුරාදා පස්වරුව වනතුරුත් කිසිවකුත් බාරගෙන නොතිබිණි.

සිකුරාදා දේව මෙහෙය වෙත පැමිණි ඉස්ලාම් බැතිමතුන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි.

(අල්ජසීරා)


RECOMMEND POSTS