පුටින්ගේ උපදේශකයන් නිවාස අඩස්සියේ



යුක්රේනය ආක්‍රමණය කිරීමට වැරැදි උපදෙස් ලබා දුන් හමුදා උපදේශකයන් නිවාස අඩස්සියට පත් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකාව දිගින් දිගටම පවසන්නේ පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, ඔහුගේ හමුදා උපදේශකයන් ලබා දුන් වැරැදි උපදෙස් පිළිගත් නිසා බවය.

හමුදා උපදේශකයන් නිවාස අඩස්සිට පත් කිරීමත් සමඟ පුටින් හුදෙකලා වී සිටින බවත් ඔහුට තව දුරටත් යුක්රේනයට එරෙහි යුද්ධය කරගෙන යෑම අසීරු වී ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

(රොයිටර්)


RECOMMEND POSTS