පිහි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්
මහා බ්‍රිතාන්‍යයේ ‘ෆෝර්බි’ උද්‍යානයේ තිදෙනකු ඝාතනය කරමින් එල්ල වූ පිහි ප්‍රහාරය, ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
‘ෆෝර්බි’ උද්‍යානයේ පිහි ප්‍රහාරය එල්ල වූයේ පසුගිය සති අන්තයේය. පිහි ප්‍රහාරයට ලක් වුණු තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරැණි. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් එය ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.
ප්‍රහාරය එල්ල කළේ 25 හැවිරිදි ඉස්ලාමීය සම්භවයක් සහිත තරැණයෙකි. මොහු ලිබියාවේ සිට පැමිණ මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබා ගත් අයකු බවත් අනාවරණය වී ඇත. ප්‍රහාරය වාර්තා වූ සැණින් පොලිසිය එහි පැමිණි බවත්, ප්‍රහාරය එල්ල කළ තරැණයා අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි.
ලන්ඩනයේදීය (රොයිටර්)