පිලිපීනය ඇමෙරිකාව දැවැන්ත යුද අභ්‍යාසයක



චීනයේ උදහසට ලක් වන අයුරින් ඇමෙරිකාව පිලිපීනය සමඟ එක් වී දැවැන්ත යුද අභ්‍යාසයක් ඊයේ ආරම්භ කළේය. ඒ දකුණු චීන මුහුදු සීමාවේ ලවාග් නගරය ආශ්‍රිතවය.

ඇමෙරිකාවත් පිලිපීනයත් මේ අයුරින් දැවැන්ත යුද අභ්‍යාසයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. යුද නැව්, හෙලිකොප්ටර් යානා, මිසයිල යොදා ගනිමින් යුද අභ්‍යාසය පැවැත්වූයේ පිලිපීනයට එරෙහිව ආක්‍රමණයක් සිදුවුවහොත් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිඹිබු කරමිනි.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර්ගේ රජය සහ ඇමෙරිකාව අතරේ ශක්තිමත් සබඳතා පවතී. පසුගිය දා චීන නාවික හමුදාවෙන් පිලිපීන නාවික හමුදා යාත්‍රාවලට ජල ප්‍රහාර එල්ල විය. එම සිද්ධිය මුල්කොට ගනිමින් ඊට එරෙහිව තම හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් ලෙස පිලිපීනය ඇමෙරිකාව සමඟ එක් වී මෙසේ යුද අභ්‍යාසයක් ආරම්භ කළ බව පැවැසෙයි.

 (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS