පාරට ගුවන් යානයක් වැටිලා
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හියුස්ටන් නගරයට කිලෝ මීටර 150 ක් පමණ නිරිත දෙසින් එරට වේලාවෙන් පස්වරු තුනට පමණ මෙම අනතුරු සිදුව ඇති බවත් ඉන් ගුවන් යානය දෙකට කැඩී ඇති බවත් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවැසුවේය. ගුවන් යානය මාර්ගය ගමන් ගත් මෝටර් රථ තුනක් උඩට කඩා වැටි ඇති බවද ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.
ඉන් සිවු දෙනෙකු තුවාල ලබා ඇති බවත් තිදෙනෙකුගේ ජීවිතවලට තර්ජනයක් නොමැති නමුත් එක් අයෙකු දැඩි තුවාල ලබා ඇති බවත් ඇමෙරිකානු බලධාරීහු පැවැසූහ. ගුවන් යානය කඩා වැටීමට ප්‍රථම පැය 5 ක් පමණ පියාසර කර ඇති බවද ඇමෙරිකානු බලධාරීහු සඳහන් කළහ.
ගුවන් යානය කඩා වැටීමට හේතුව අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී ඇති බවත් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කළේය.