පාප්තුමා යුක්රේනයට සාමය පතයි



පාස්කු දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් යුක්රේනයට සාමය ප්‍රාර්ථනා කළේය.

පසුගිය පෙබරවාරියේ සිට රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගනු ලබන හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන්, යුක්රේන සිවිල් වැසියන් මියයෑම, තුවාල ලැබීම සහ දේපල හානිය පාප්තුමන්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් විය.

යුද්ධය නොව අවශ්‍ය වන්නේ සාමය බව පාප්තුමන් දිගින් දිගටම අවධාරණය කළේය. රුසියාව, පසුගිය පෙබරවාරි 24 වැනිදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කළ අවස්ථාවේදී පාප්තුමන් රුසියාවෙන් ඉල්ලා සිටියේ වහා යුද්ධය නවත්වන ලෙසය. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට කන් දුන්නේ නැත.

මේ අතර යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පලක් නැතැයි ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී පවසයි.

ඉතාලි අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා පැවැසුවේ, එරට පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් බටහිර සහ යුරෝපා රටවල නායකයන් මැදිහත් වී දිගින් දිගටම පුටින් සමඟ සාකච්ඡා කළ යුතු නොවේදැයි පුවත්පත අග්‍රාමාත්‍යවරයාගෙන් විමසයි.

‘බටහිර නායකයන් යුරෝපා නායකයන් පුටින් සමඟ සාකච්ඡා කළා. ඒත් පලක් වුණේ නැහැ. පුටින් ඔවුන් කාටවත් කන්දෙන බවක් පෙනෙන්න නැහැ. පුටින්ගේ අරමුණ පැහැදිලියි. ඔහුට යුක්රේනය ගැන හෝ යුක්රේන වැසියන් ගැන හෝ අනුකම්පාවක් නැහැ’ යැයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS