පාප්තුමාගේ අප්‍රසාදය



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.

'නිවැරදි දේශපාලනයක් ඇති කිසිම නායකයකු යුද්ධය තෝරා ගන්නේ නැහැ' යැයි පාප්තුමන් ටිවිටර් පණිවුඩයක් ඔස්සේ ඉංග්‍රීසි බසින් මෙන්ම රුසියන් බසින් ද පෝස්ටුවක් පළ කර ඇත්තේ රුසියන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමිනි.

ට්විටර් පණිවුඩය නිකුත් කිරීමට පෙර පාප්තුමන් වතිකානයට සම්බන්ධ රුසියන් තානාපති කාර්යාලයට ගොස් රුසියන් තානාපතිවරයා හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද මාධ්‍ය වාර්තා පේනවා දෙයි.

යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගැනීම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අභිමතය පරිදි සිදුවූවක් බවත්, රුසියන් සෙනෙට් මණ්ඩලය යුක්රේනයට රුසියන් හමුදා යැවීමට අනුමැතිය දුන්නේ පුටින්ට ඇති බිය නිසා බවත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ඩේලිමේල් වෙබ් අඩවියට අනුව, පුටින්ගේ කායික ශක්තිය දුර්වල වී ඇත. ඔහුගේ මනස ද අවුල් වී තිබේ. පුටින් පිලිකා රෝගයකින් පෙළෙන බවත්, පාකින්සන් රෝගී තත්ත්වය හේතුවෙන් මනස දුර්වල වී හිතුමතේ තීරණ ගන්නා බවත් ඩේලිමේල් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

මේ අතර, ලොවට රහසක් ලෙස තබා ගත්ත ද පුටින් ට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූ බවත් මේ වනවිට ඔහු 'කොවිඩ් 19' සංකූලතා රැසකින් පීඩා විදින බවත් යුක්රේනය ආක්‍රමණය කිරීමට ඔහු තීරණය කර ඇත්තේ ඒ නිසා බවත් ඩේලිමේල් වෙබ් අඩවියේ සඳහන් වී තිබේ.

(ඩේලිමේල්)


RECOMMEND POSTS