පාකිස්තාන හමුදාපති විශ්‍රාම යන්න සැරැසෙයි



ධුර කාලය ලබන නොවැම්බරයේ අවසන් වෙද්දී තමන් විශ්‍රාම යෑමට තීරණය කළ බව පාකිස්තාන හමුදාපති ජනරාල් කමාර් ජාවද් බජ්වා පවසා ඇත.

ජනරාල් කමාර් ජාවද් බජ්වාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 29 වැනිදාය. විශ්‍රාම යෑමට ජනරාල් බජ්වා තීරණය කළේ පාකිස්තාන දේශපාලනික වශයෙන් පෙරැළියක් සිදුවුණු අවස්ථාවකය.

ඒ අනුව, ජනරාල් බජ්වා විශ්‍රාම යෑමට තීරණය කිරීම සහ දේශපාලන අර්බුදය අතර සම්බන්ධයක් පවතින්නේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී බජ්වා අවධාරණය කළේ එසේ සම්බන්ධයක් නැති බවය.

'මා විශ්‍රාම යෑම සහ දේශපාලනය අතරේ කිසිදු සම්බන්ධයක් නැහැ. මගේ ධුර කාලය අවසන් වූ පසු මා එය දීර්ඝ කර ගැනීමට අපේක්ෂා කරන්නේ නැහැ' යැයි ජනරාල් බජ්වා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS