පාකිස්තාන මාධ්‍යවේදිනියක වෙඩි තබා මරා දැමේ



පාකිස්තාන පුවත් නාළිකාවේ මාධ්‍යවේදිනියක, බලුකිස්තානයේදී  වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

ෂහීනා ෂහීන් නමැති ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදිනිය, පුවත් නිවේදිකාවක මෙන්ම දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නියක් සහ නිෂ්පාදකවරියක ද වූවාය.

ෂහීනා ෂහීන් වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ බලුකිස්තානයේ තරාබ් දිස්ත්‍රික්කයේය. බලුකිස්තානය යනු පාකිස්තානයට අයත් වෙනම පාලනයක් සහිත ප්‍රදේශයකි.

බලුකිස්තානයේ ඉස්ලාමීය අන්තවාදීන් ෂහීනා ෂහීන් ට වෙඩි තබන්න ඇතැයි අනුමාන කෙරේ.

වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ ෂහීනා ෂහීන්ගේ සැමියා නිවසින් පලා ගොස් ඇති අතර, ෂහීනා ෂහීන්ගේ ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් ඇති බව පොලිසිය අනුමාන කරයි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS