පාකිස්තානයේ කොරා්නා ආසාදිතයෝ 52 ක්



පාකිස්තානයේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන අද වනවිට (16) 52 දක්වා ඉහළ ගියේය.

මේ වනවිට පාකිස්තනයේ නන්දෙසින් ආසාදිතයන් හමුවී ඇති බව ද පාකිස්තාන සෞඛ්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සෆාර් මිස්රා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

පාකිස්තාන රජය මීට පෙර කියා සිටියේ ‘කෝවිඞ් 19’ වයිරස ආසදිතයන් හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් එරට නොවුණු බවය. කෙසේ නමුත් මේ වනවිට වයිරස පරීක්ෂා කෙරෙන රසායනාගාර 13 ක් පාකිස්තානය පුරා ස්ථාපිත කර ඇති බව පැවැසෙයි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS