පාකිස්තානයට ඩොලර් බිලියන 1.1ක ණය පහසුකමක්



පාකිස්තානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ණය පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

හත්වැනි සහ අටවැනි සමාලෝචන අනුමත කරමින් පාකිස්තානයට මෙලෙස ණය පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුද‌ලේ විධායක මණ්ඩලය තීරණය කර තිබෙන පාකිස්තාන රජයත් එම මූල්‍ය අරමුදලත් නිවේදනය කළේ ය.

පාකිස්තානයට මේ වනවිට ලබා දී තිබෙන ණය පහසුකමේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ. ඒ අනුව විශේෂ ගැනුම් පහසුකම යටතේ පාකිස්තානයට හිමිවන සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 720ක් වන අතර වත්මන් විනිමය අනුපාතිකය යටතේ එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 940ක් දක්වා වැඩි වනු ඇතැයි ද පැවසේ.

පාකිස්තානය මේ වනවිට දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින අතර දහසකට වැඩි පිරිසක් මරණයට පත්ව ඇත. ගංවතුර හේතුවෙන් මේ වනවිට පාකිස්තානයට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් ලෙස ගණන් බලා ඇතැයි ද එරට සැලැසුම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

(රොයිටර්)


RECOMMEND POSTS