ප්‍රහාරකයා ටියුනීසියාවෙන් ආ අන්තවාදියෙක්



ප්‍රංශයේ නීස් නුවරදී, ඊයේ (29) සවස කාන්තාවන් දෙදෙනකු සහ පිරිමියකු පිහි ප්‍රහාරයට ලක් වුණු අතර, එම පිහි ප්‍රහාරය එල්ල කළේ රතු කුරුස සංවිධානය මැදිහත් වී ප්‍රංශයට ගෙන්වා ගත් ටියුනීසියානු ජාතික ඉස්ලාමීය අන්තවාදියකු බව ප්‍රංශ ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ.

පොලිස් වෙඩි පහරින් බරපතල ලෙස තුවාල ලැබූ 21 හැවිරිදි මෙම ඉස්ලාමීය අන්තවාදී තරුණයා රෝහල්ගත කළ බව ද පැවැසෙයි. සංක්‍රමණික බෝට්ටුවකින් පැමිණි මෙම තරුණයා, පසුව ඉතාලි රතු කුරුස සංවිධානයේ බාරයට පත්ව ඇති අතර, මොහු ප්‍රංශ රජයේ අනුමැතිය ලබා ගනිමින් සංක්‍රමණිකයකු ලෛස ප්‍රංශයට පැමිණ ඇත්තේ මීට මාසයකට පෙරය.

තරුණයා කළ ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනා සහ පිරිමියා ජීවිතක්ෂයට පත්වූහ. තරුණයා එක් කාන්තාවකගේ ගෙල කපා දමා ඇත්තේ අල්ලාහු අක්බර් එසේත් නැතිනම් දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමිනි. පිහි ප්‍රහාරය එල්ල වී ඇත්තේ නීස් නුවර නොත්‍රදාම් බැසිලිකාවේදී යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.ෙ

පැරිසියේදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS