ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලඹේ



රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවෙන් පසු ජපානයේ නැගෙනහිර වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 60 ක් ගැඹුරු මුහුදු පතුළේය. භූමි කම්පාවෙන් වැඩි බලපෑම් එල්ල වූයේ ෆුකුෂිමා පළාතට අයත් වෙරළාශිත ප්‍රදේශයටය. නිවාස මිලියන දෙකකට විදුලි බලය අහිමි විය.

2011 දී රික්ටර් පරිමාණයේ ඒකක 9 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ෆුකුෂිමා පළාත කැලැඹිණි. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් න්‍යෂ්ටික විකිරණ කාන්දුවක් සිදුවී මහා විනාශයක් හටගත්තේ ඒ අනුවය. 2011 වසරේ භූමි කම්පාවෙන් පසු ප්‍රබල සුනාමියක් ද කඩා වැදුණි.

(රොයිටර්)


RECOMMEND POSTS