ප්‍රබල භූමිකම්පාවකින් නවසීලන්තය කැලැඹේ



රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නවසීලන්ත දූපත් රාජ්‍යය කැලඹිණි.

භූමි කම්පාව හටගත්තේ නවසීලන්තයට උතුරු දෙසින් කිලෝ මීටර් 30 ගැඹුරු මූදු පතුළේය. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළත් පසුව ඒවා අහෝසි කෙරුණි.

භූමි කම්පාව හටගත්තේ නවසීලන්තයේ වේලාවෙන් අලුයම 1 ට පමණය. භූමි කම්පාවේ ප්‍රබලත්වය නවසීලන්තයේ උතුරු දිවයිනේ නගර රැසකට දැණුනු බවත්, නගර වැසියන් මහත් සේ බියට පත් වුණු බවත් නවසීලන්ත පුවත් සේවා වාර්තා කර තිබේ.

වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS