ප්‍රංශ මුස්ලිම්වරුන් වෙනුවෙන් නව නීති



ප්‍රංශයේ ඉස්ලාමීය අන්තවාදය පිටුදැකීමේ අරමුණින්, එරට මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් නව නීති ඇතුළත් පනත් කෙටුම්පතක් හඳුන්වා දී එය ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රොන් තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා මෙම නව නීති හඳුන්වා දීම සිදු කරන්නේ මුස්ලිම් අන්තවාදය සමස්ත මුස්ලිම් ප්‍රජාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි. ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාය සම්බන්ධයෙන් මෙසේ නව නීති සකස් කිරීම හේතුවූයේ පසුගි දින කීපයේ ඉස්ලාමීය අන්තවාදී තරුණයක් කළ ප්‍රහාරවලින් ප්‍රංශ වැසියන් ජීවිතක්ෂයට පත්වීම නිසාය.

නව පනත් කෙටුම්පතේ සඳහන් වන ආකාරයට, විරුද්ධ ලිංගික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන අයෙකු වසර පහක සිර දඬුවමකට හා යුරෝ 75,000 ක දඩයකට යටත් කළ හැකි බව පැවැසෙයි.

මුස්ලිම් පල්ලිවලට මුදල් ලැබෙන ආකාරය සහ එම මුදල් වියදම් වන ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන් අධීක්ෂණය කිරීම, ආගමික සංගම්, පාසල් ඉස්ලාමීය කමිටු සම්බන්ධයෙන් සොයා බැලීම ආදිය මෙම නව නීතිවලට ඇතුළත් වනු ඇති බව පැවැසෙයි. යුරෝපයේ විශාලතම මුස්ලිම් ජනගහණය වාසය කරන්නේ ප්‍රංශයේය.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS