ප්‍රංශ ජනපතිගේ ඉටි පිළිමය හොරු අරන්



පැරිස් අගනුවර කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබුණු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ඉටි පිළිම පරිසර ක්‍රියාකාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පැවැසෙයි.

එම පරිසර ක්‍රියාකාරීන් පිරිස කෞතුකාගාරයේ සේවකයන් ලෙස පැමිණ මෙම සොරකම සිදු කර ඇතැයි ද පැවැසෙයි. ඔවුන් ‘ග්‍රීන්පීස්’ පරිසර ක්‍රියාකාරින් බව පොලිසිය පවසයි.

මෙම ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට එල්ල වී ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් යැයි ද පැවැසෙයි.

රුසියන් යුක්රේන යුද්ධයේ දී ප්‍රංශයේ සහාය හිමිවන්නේ, යුක්රේනයටය. එසේ වුවත්, ප්‍රංශය රුසියන් ව්‍යාපාරික සමාගම් සමඟ ගනුදෙනු කරයි. එසේ ගනුදෙනු කිරීමට විරෝධය දැක්වීමක් ලෙස ක්‍රියාකාරීන් ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඉටි රූපය සොරකම් කළ බව ද පැවැසෙයි.

සොරකම් කළ එම ඉටි රූපය පසුව, පැරිස් අගනුවර රුසියන් තානාපති කාර්යාලය ඉදිරිපිට දමා ගොස් ඇති බව පොලිසිය පවසා ඇත. මෙම ඉටි පිළිමයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් 45,674 කි. 

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS