ප්‍රංශයේ රුසියන් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල්



ප්‍රංශයේ සිටින රුසියන් රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පිටුවහල් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ රජය පියවර ගෙන ඇත.

ප්‍රංශ රජය මෙසේ පියවර ගෙන ඇත්තේ ඔවුන්ගේ කටයුතු හේතුවෙන් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බැවින් යැයි ප්‍රංශ රජය පැහැදිලි කර තිබේ.

ප්‍රංශ වැසියන්ගේත් සමස්ත යුරෝපා රට වැසියන්ගේත් ආරක්ෂාවට මුල්තැන දෙමින්, මෙම තීරණය ගත් බව ප්‍රංශ විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සඳහන් වෙයි.

මේ අතර ජර්මනිය ද එරට සිටි රුසියන් රාජ්‍ය තාන්ත්‍රිකයන් 40 දෙනකු එරටින් නෙරපා දැමීමට පියවර ගෙන තිබේ. ජර්මන් රජය පවසා ඇත්තේ, යුක්රේනයේ සිදුවන යුද අපරාධ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය.

(රොයිටර්)


RECOMMEND POSTS