පරිසර දූෂණයෙන් මිලියන 9 ක් මැරිලා



2019 වසරේ පමණක් පරිසර දූෂණය හේතුවෙන් ගෝලීය වශයෙන් මිලියන 5 ක් අකල් මරණවලට ගොදුරු වී ඇතැයි ලැන්සෙට් සමාගම නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙයි.

වායු දූෂණය, ජල දූෂණය සහ පස දූෂණය හේතුවෙන් පිළිකා, හෘද සහ ස්වසන රෝග ඇතුළු තවත් බරපතල රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවත් ලැන්සෙට් කොමිසම නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙයි.

ලන්සන්ට් යනු ඇමෙරිකන් ව්‍යාපාරික බිල් ගේට්ස් සහ ඔහුගේ හිටපු බිරිඳ මෙලින්ඩා ගේට්ස් එක් වී පිහිටවූ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන රාජ්‍ය නොවන සංවිධානයකි.

ලැන්සෙට් සමාගම මෙම වාර්තාවට දත්ත රැස්කර ඇත්තේ 2019 වසරේදීය. ඒ වනවිට ‘කොවිඩ් 19’ වසංගතයෙන් ලොවට බලපෑමක් එල්ල වී තිබුණේ නැත. ‘කොවිඩ් 19’ වසංගතයෙන් ලෝකවාසීන් බැට කෑම ආරම්භ වූයේ 2020 වසරේ සිට 2021 වසර අවසන් වනතුරුය. ලැන්සෙට් සමාගම පැහැදිලි කර ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතයට වඩා පරිසර දූෂණය හේතුවෙන් මරණ සිදුවුණු බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS