පරණ විකෘතිය ගැන අලුතින් බියක්
'කොවිඩ් 19' මුල් වයිරසය විකෘතිකරණයට ලක් වෙද්දී පළමුවෙන් සොයා ගත් 'ඒ.30' නමැති විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් මේ වනවිට අලුතින් බියක් හටගන ඇත.
'ඒ.30' සම්බන්ධයෙන් බියක් හටගෙන ඇත්තේ එම විකෘතිය 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලින් අඩපණ කළ නොහැකි යැයි ජර්මන් වෛද්‍ය පර්යේෂකයන් කළ අනතුරු ඇඟවීමක් නිසාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇත්තේ තමන් 'ඒ.30' විකෘතිය ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත්, එම විකෘතිය ගැන මේ මොහොතේ කලබල නොවිය යුතු බවත්ය.
තවමත් 'ඒ.30' විකෘතිය ආසාදනය වූවන් හමුවී ඇත්තේ පස් දෙනකු පමණි. එහෙයින් 'ඒ.30' සම්බන්ධයෙන් බොරු බියක් ඇති කරගත යුතු නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධාරණය කර තිබේ.
'ඒ.30' ආසාදිතයන් හමුවී ඇත්තේ අප්‍රිකා රාජ්‍යයක් වන ඇන්ගෝලාවෙන්, එක්සත් රාජධානියෙන් සහ ස්වීඩනයෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ වනවිට විමසිල්ලෙන් පසුවිය යුතු වන්නේ 'ඩෙල්ටා' විකෘතියේ දිගුවක් වන 'ඩෙල්ටා ප්ලස්' විකෘතිය කෙරෙහිය. 'ඩෙල්ටා ප්ලස්' ද එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන ඉතාමත් ඉක්මනින් ව්‍යාප්තවන වයිරස විකෘතියක් බව පැවැසෙයි.
(රොයිටර්)