පක්ෂ නායකත්වය යළි අගමැතිනී හසීනාට
පාලක අවාමි ලීගයේ නායකත්වය තව දුරටත් රඳවා ගැනීමට බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනා සමත් වූ බව බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කළේය.
අගමැතිනී ශීන් හසීනා යළි පක්ෂ නායකත්වයට පත් කර ගැණුනේ, අවාමි ලීගයයේ මහ සමුළුවේදීය. මහ සමුළුව දෙදිනක් පුරා පැවැත්විණි. පක්ෂ සාමාජිකයන් අතරේ ඡන්ද විමසුමක් පැවැත්විණි. පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස තේරී පත්වූයේ බංග්ලාදේශ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔබයිදුල් කදීර්ය.
72 හැවිරිදි වියෙහි පසුවන ශීක් හසීනා බංග්ලාදේශ අගමැතිනිය ලෙස කටයුතු කරන්නේ 2009 වසරේ සිටය. ඇය බංග්ලාදේශයේ 10 වැනි අගමැතිවරිය වන්නීය. 1996 සිට 2001 දක්වා ද බංග්ලාදේශයේ අගමැති ධුරය හෙබවූයේ ශීක් හසීනා ය. බංග්ලාදේශ ඉතිහාසයේ වැඩිම කාලයක් අගමැති ධුරයේ සිටි තැනැත්තිය වන්නේ ද හසීනා ය.
ඩකාහිදීය (එන්.ඩී.ටීවී.)