නේපාලයේ කොරෝනා වැඩිවෙලා



ඉන්දියාවේ අසල්වැසි රටක් වන නේපාලයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

රට තුළ මේ වනවිට පැතිරෙමින් තිබෙන්නේ ඉන්දියාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන නව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය යැයි ද එරට සෞඛ්‍ය අංශ සැක කරයි.

නේපාලයෙන් ඉරිදා වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 3,032ක් වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 300,119ක් දක්වා ඉහළ ගියේය.

මේ වසරේ දිනක් ඇතුළත නේපාලයෙන් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද එය වේ. නේපාලයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 3,164කි.

නේපාලය ඉකුත් ජනවාරි මාසයේ දී සිය එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අතර මේ වනවිට ලක්ෂ 19කට වැඩි පිරිසකට එන්නතේ මුල් මාත්‍රාව ලබා දී ඇත. නේපාලය සිය එන්නත් අවශ්‍යතාව සපුරාගන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙනි.

 කත්මණ්ඩුහිදීය (රොයිටර්)


RECOMMEND POSTS