නේපාලයට මහ වැසි ජල ගැලීම්: නායයෑම්



නේපාලයට මහ වැසි ඇද හැලෙමින් පවතී. මහ වැසි සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 28 දෙනකු අතුරුදන් බවත් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි හානි සිදුවී ඇත්තේ නැගෙනහිර නේපාලයේ පළාත්වලටය. පළාත් රැසක් ජලයෙන් යටවී ගියේ හේවා ගංගාව පිටාර ගැලීමෙනි. කුඩා ජල විදුලි බලාගාරයක් හදිසියේ හටගත් ජල ගැලීම්වලට හසුවිය. බලාගාරයේ සේවකයෝ දෙදෙනෙකු මියගිය බවත්, 17 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි.

ගම්මාන රැසක් මුළුමනින්ම නායයෑමට ලක් වී ඇති බවත්, පස් තට්ටු යට සිරවුණු පිරිස් මුදා ගැනීමේ කටයුතු දිගටම සිදුවෙමින් පවතින බවත් වාර්තා වේ.


RECOMMEND POSTS