නෙදර්ලන්තය සති 5 කට වැසෙයි



 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, නෙදර්ලන්තය සති පහක කාලයක් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබේ.

රට යළි විවෘත කරන්නේ ලබන ජනවාරි 19 වැනිදා යැයි එරට අග්‍රාමාත්‍ය මර්ක් රූට් පවසා තිබේ. පාසල්, අත්‍යාවශ්‍ය නොවන රාජකාරි ආයතන, වෙළෙඳ සැල් වසා දැමීම සිදුවනු ඇත. අත්‍යාවශ්‍ය නොවන විදෙස් සංචරණ ද ලබන මාර්තු තෙක් සීමා කරන බව ද අග්‍රාමාත්‍ය මර්ක් රූට් ජාතිය අමතමින් පැහැදිලි කළේය.

එලැඹෙන නත්තල් සහ නව අවුරුදු සමයේ කොරෝනා පැතිරීම තවත් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවූ බැවින්, සංචරණ සීමා කිරීමට මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

ඇම්ස්ටර්ඩෑම්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS