නිරපරාදේ වරදකරුවන් වූ තිදෙනා නිදහස්
නොකළ මිනීමැරුමක් වෙනුවෙන් වසර 36 ක් බන්ධනාගාරගතව සිටි ඇමෙරිකාවේ මේරිලන්ඞ් ජනපදයේ කළු ජාතික තරුණයන් තිදෙනකුට නිදහස හිමිවිය. ඒ, ඔවුන්ගේ නඩුව යළි විභාගයට ගැනීමෙන් පසුවය.
නිදහස ලැබුවේ ඇල්ෆ්රඞ් චෙස්නට්, ඇන්ඩෘ ස්ටුවට් සහ රැන්සම් වොට්කින්ස් යන තිදෙනාය. මොවුන් 14 හැවිරිදි දරුවකු මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ 1984 දීය. එම දරුවාගේ ඝාතනය සිදුවූයේ 1983 දීය.
ඒ වනවිට ඇල්ෆ්රඞ් චෙස්නට්, ඇන්ඩෘ ස්ටුවට් සහ රැන්සම් වොට්කින්ස් තිදෙනා ගැටවර වියේ පසුවූහ. නඩුය යළි විභාගයට ගැනීම සිදුවූයේ චෙස්නට් කළ ලිඛිත ඉල්ලීමක් මුල්කොට ගනිමිනි.
චෙස්නට්, ස්ටුවට් සහ වොට්කින්ස් තිදෙනාට නිදහස ලබා දීම සිදුවූයේ බෝල්ටිමෝර් විනිසුරුවරයෙකි. අපරාධය සම්බන්ධ පොලිස් පරීක්ෂණ වාර්තා සහ අදාල සාක්ෂි යළි විභාගයට ගැනීමෙන් පසු විනිසුරුවරයා තීරණය කළේ චෙස්නට්, ස්ටුවට් සහ වොට්කින්ස් තිදෙනා නිර්දෝෂී බවය.
ඇනාපොලිස්හිදීය (ඒ.එෆ්.පී.)