නියෝජිතයාට ට්‍රම්ප්ගෙන් ඇමතුමක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඇෆ්ගන් තලේබාන් නියෝජිත මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ට ඇමතුමක් ලැබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ට්‍රම්ප් සහ තලේබාන් නියෝජිතයා අතර මිනිත්තු 35 ක් තිස්සේ සාකච්ඡා පැවැත්විණි.

ඒ, පසුගිය දා ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර අත්සන් තැබුණු නව සාම ගිවිසුම සම්බන්ධයෙනි.

ඇමෙරිකන් ජනාධිපතිවරයකු සහ තලේබාන් සංවිධානයේ ප්‍රධාන නියෝජිතයකු අතර මෙලෙස දුරකතන කතාබහක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

‘මා තලේබාන් සංවිධානයේ නායකයකු සමඟ අද කතා කළා. අපි අතරේ හොඳ කතාබහක් පැවැත්වුණා. ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට තලේබාන් සංවිධානය පොරොන්දු වී තිබෙනවා’ යැයි තම දුරකතන කතාබහ පිළිබඳ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ.

වොෂින්ටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS