නැන්සි පෙලෝසිට සම්බාධක



ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි සහ ඇගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට සම්බාධක පැනැනීමට චීනය සූදානම් වෙයි.

චීනය මෙම තීරණය ගෙන ඇත්තේ චීනයේ දැඩි විරෝධය මධ්‍යයේ නැන්සි පෙලෝසි පසුගිය දා තායිවානය බලා පැමිණීමය. නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියේ ආසියානු සංචාරයක නියැළෙමින් සිටියදීය.

ඇමෙරිකා රජයට අනුව, එය ඇගේ පෞද්ගලික සංචාරයකි. එසේ වුවත්, පෙලෝසි තායිවානයට ගියේ ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමක් ද සමඟය. ඇය තායිවාන ජනාධිපති හමුවූවා පමණක් නොව, තායිවාන පාර්ලිමේන්තුව ද ඇමැතුවාය.

ප‍ෙලෝසිගේ මෙම සංචාරයත් සමඟ චීනය තායිවානයට අනතුරක් වන ලෙස දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළ අතර, කායිවානයට සම්බාධක පැනැවීමක් ද කළේය. අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් නොවන්නැයි ඇමෙරිකාවට චීනය තර්ජනයක් ද කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS