නායක කිම් ජොන් උන්ටත් කොරෝනා ආසාදනය වෙලා



උතුරු කොරියාව, පසුගිය මාස කීපයේ, දරුණු ලෙස ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්‘ වසංගතයෙන් බැටකද්දී, නායක කිම් ජොන් උන් ද ආසාදිතයකු වූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

උතුරු කොරියාව පුරා දරුණු ‘උණ රෝගයක්‘ පැතිරුණේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. මෙම ‘උණ රෝගය‘, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්‘  බව පසුව තහවුරු කර ගැණුනි.

එම ‘උණ රෝගයට‘ නායක කිම් ජොන් උන් ද ගොදුරු වුණු නමුත්, ඔහු එයින් ඉක්මනින් සුවය ලැබුවේ යැයි උතුරු කොරියා නායකයාගේ නැගණිය වන කිම් යෝ ජොංග් පවසා තිබේ.

කිම් යෝ ජොංග් පවසා ඇත්තේ උතුරු කොරියාව තුළ ‘කොවිඩ් 19‘ ව්‍යාප්තියක් ඇති කළේ දකුණු කොරියාව බවය.
උතුරු කොරියාව අඩපණ කිරීමට දකුණු කොරියාව උතුරු කොරියාවට ‘කොවිඩ් 19‘ ව්‍යාප්ත කළේ යැයි කිම් යෝ ජොංග් චෝදනා නගා තිබේ.

දකුණු කොරියාව උතුරු කොරියාව අඩපණ කිරීමට ගත් උත්සාහය හේතුවෙන් දකුණු කොරියාවට කිසිදු සමාවක් නොදෙන බව නැගණිය කිම් යෝ ජොංග් තර්ජනය කර ඇත. නායක කිම් ජොන් උන්ගෙන් පසු බලය හිමිවී ඇත්තේ කිම් යෝ ජොංග් ටය.

(රොයිටර්)


RECOMMEND POSTS