න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අවලංගුයි



න්‍යෂ්ටික අවි පාලනය සඳහා ඇමෙරිකාව සමඟ ඇතිකරගත්  උපායමාර්ගික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කළ බව රුසියාව පවසයි.

රුසියානු විදේශ අමත්‍යාංශයට අනුව, රුසියන් රජය මෙම තීරණය ගෙන ඇත්තේ, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමිනි.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන් ඇමෙරිකාව යුක්රේනයට සම්බාධක පැනැවීම් සිදු කර තිබේ.  මේ හේතුව නිසා උපායමාර්ගික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කළ බව රුසියන් විදේශ අමත්‍යාංශය පවසා ඇත.

උපායමාර්ගික න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමට අනුව, ඇමෙරිකන් නියෝජිතයන් රුසියාවේ න්‍යෂ්ටික අවි පිළිබඳවත්, රුසියන් නියෝජිතයන් ඇමෙරිකාවේ න්‍යෂ්ටික අවි පිළිබඳවත් සොයා බැලීම් කළේය.

රුසියාව සහ ඇමෙරිකාව අතරේ උපායමාර්ගික අවි පාලන ගිවිසුමක් ඇති කර ගෙන තිබුණේ නිරවි යුද සමයේ පැවැති විරසකය අවසන් කරමිණි.

(රොයිටර්)


RECOMMEND POSTS