න්‍යෂ්ටික අවි දැරිමට පාකිස්තානයට අයිතියක් නෑ



ත්‍රස්තවාදයට උඩගෙඩිදෙන පාකිස්තානය වැනි රටක් න්‍යෂ්ටික අවි දැරීමට සුදුසු නැතැයි ඉන්දියාව පවසයි. ඉන්දීය රජය වෙනුවෙන් මෙසේ පවසා ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ය.

රාජ්නාත් සිං වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ පාකිස්තානය ඔවුන් සතු සියලුම න්‍යෂ්ටික අවි එත්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියට ලබා දීමට කටයුතු කළ යුතු බවය.

ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරවෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුදමය තත්වයක් නිර්මාණය වී තිබුණි. එය තාවකාලික සටන් විරාමයක් බවට පත්වූයේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.

මේ වනවිට සාම වැඩපිළිවෙළක් වෙනුවෙන් දෙරට අතරේ සාකච්ඡා පැවැත්වීම සිදුවෙයි. ඇතිකරගත් තාවකාලික සටන් විරාමය හෙට (19) අවසන් වීමට ද නියමිතය.


RECOMMEND POSTS