නෂීඩ් මරන්න හැදුවේ අන්තවාදීන්
මාලදිවයින හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එරට කතා නායකවරයා ද වන මොහොමද් නෂීඩ් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් කණ්ඩායමක් යැයි එරට ආරක්ෂක අංශ පවසයි.
මේ වනවිට 25 හැවිරිදි අහමද් රෂීඩ් නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නෂීඩ් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ යැයි යන චෝදනාව යටතේය.
නෂීඩ් ඝාතන ප්රයත්නයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ මොහු යැයි ද පැවැසෙයි. ඊට අමතරව තවත් සැකකරුවන් කීප දෙනෙකු ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.
බෝම්බ ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ නෂීඩ් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවිය. කෙසේ නමුත් මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් බවය. දිවි සුරුකුම් යන්ත්‍රයකට සම්බන්ධ කර සිටි නෂීඩ් මේ වනවිට එයින් ඉවත් කර ඇති බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
කතා නායක නෂීඩ් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරය සිදුවූයේ පසුගිය 6 වැනිදා එරට වේලාවෙන් 8.30 ට පමණය. එයින් නෂීඩ්ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සහ 70 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු තුවාල ලැබූ බව වාර්තා විය.
මාලේහිදීය (රොයිටර්)