නව නායකයෙක් ඕනෑ: සෝනියා ගාන්ධි කියයි



ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්‍රස් පක්ෂයට නව නායකයකු පත් කර ගත යුතු බව, තමන් පක්ෂ නායකත්වයෙන් සදහටම සමුගන්නා බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි පවසා තිබේ.

නායිකා සෝනියා ගාන්ධි මෙසේ පවසා ඇත්තේ කොංග්‍රස් පක්ෂයට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

පසුගිය 2019 වසරේ දී පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයෙන්, කොංග්‍රස් පක්ෂයට අත්වූයේ ප්‍රබල පරාජයකි. කොංග්‍රස් පක්ෂයට නායකත්වය දුන්නේ සෝනියා ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධිය.

ලැබූ පරාජයෙන් පසු රාහුල් ගාන්ධි නායකත්වයෙන් ඉවත් වුණු අතර, රාහුල්ට පෙර පක්ෂයට නායකත්වය දුන් 73 හැවිරිදි සෝනියා යළි ජ්‍යෙෂ්ඨ නායිකාව ලෙස පක්ෂයට නායකත්වය දුන්නාය.

මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සෝනියාගෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට කන් දෙමින්, පක්ෂ නායකත්වයට සුදුස්සකු පත් කළ යුතු බව සෝනියා පෙන්වා දී තිබේ.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS