නවසීලන්තයේ පාසල්වල බෝම්බ බියක්



නවසීලන්තයේ පළාත් රැසක, පාසල් රැසකට බෝම්බ අනතුරු නිකුත් කිරීමත් සමග මහ කලබලයක් හටගත්තේය.

බෝම්බ අනතුරු ඇගවීම් නිකුත් වූයේ ඈෂ්බර්ටන්, ඩන්ස්ටන්, ජෙරල්ඩීන්, ග්‍රේ මවුත්, කකියෝරා, ලෙවින්, මැස්ටර්ටන්, ක්වීන්ස්ටවුන්, රොලෙස්ටොන්, ටකායා, පැල්මර්ස්ටන් ආදී පලාත්වල පාසල්වලටය.

පොලිසිය පවසන්නේ එම අනතුරු ඇගවීම් සයිබර් ප්‍රහාරයක් බවත් විදේශවලින් ලැබුණු අනතුරු ඇගවීම් බවත්ය. දරු දැරියන් සහ ගුරුවරුන් ඉවත් කරමින් පාසල් සෝදි කිරීමට පොලිසිය කටයුතු කළ නමුත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ හමු නොවිණි.

(රොයිටර්)


RECOMMEND POSTS