නවසීලන්තයට කොරෝනා ආසාදිතයෙක් ඇවිල්ලා
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට සමත් වුණු නවසීලන්තයෙන් තවත් ආසාදිතයකු හමුවී ඇත.
මෙම ආසාදිතයා පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ඔස්ටේලියාවේ මෙල්බර්න් නගරයටත් පසුව නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයටත් පැමිණ ඇත. ඒ පසුගිය 13 වැනිදාය. මෙම තැනැත්තා ‘කොවිඞ් 19‘ ආසාදිතයකු බව හඳුනා ගැනීම සිදුවී ඇත්තේ නවසීලන්තයට පැමිණ දින දෙකක් ගත වෙද්දීය.
නවසීලන්ත සමාජයෙන් ‘කොවිඞ් 19‘ වයිරසය තුරන් කළේ යැයි නවසීලන්තය නිල වශයෙන් නිවේදනය කළේ පසුගිය 8 වැනිදාය. කෙසේ නමුත් පසුගිය 16 වැනිදා මහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනකුට ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇතැයි තහවුරු විය. පාකිස්තානයේ සිට පැමිණි මෙම තැනැත්තා ආසාදිතයකු බව තහවුරු වූයේ ඉන්පසුවය.
වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී.)