ධවල මන්දිරයේ ආරක්ෂාව හිටිහැටියේ තර කෙරේ



ධවල මන්දිරයේ ආරක්ෂාව හිටිහැටියේ තරකිරීමට, ජනපති ආරක්ෂක අංශය ඊයේ (26) පියවර ගත්තේය.

ඒ, ධවල මන්දිරයට ඉහළින්ගුවන් කලාපයට අනවසරයෙන් කිසියම් පියසැරි වස්තුවක් ඇතුළු වීමත් සමඟය. ආරක්ෂාව තර කෙරුණේ එය සතුරු ගුවන් යානයක් යැයි සැක කිරීමෙනි.

ධවල මන්දිරයේ ආරක්ෂාව තහවුරු කරමින්, වොෂින්ටන් නුවර මාර්ග වසාදැමීමට ද සීක්‍රට් සර්විස් ජනපති ආරක්ෂක අංශය පෙලිසියට උපදෙස් දුන් අතර, හමුදා බලඇණි සීරුවෙන් තැබුණි. ඊට අමතරව, ඇමෙරිකන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා ද ගුවන්ගත කෙරුණි. ඒ සතුරු යානයක් ධවල මන්දිරය දෙසට පියාසර කරන්නේ නම් ඊට පහර දී විනාශ කිරීමේ අරමුණ ඇතිවය.

කෙසේ නමුත් මිනිත්තු 30 කට පසු හදිසි තත්ත්වය ඉවත් කෙරුණි. ධවල මන්දිරයට ඉහළ ගුවන් සීමාවට ඇතුළු වී තිබූ ආකාශ වස්තුව ගුවන් යානයක් නොවේ යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය. ගුවන් යානයක් ලෙස රේඩාර් තිරයේ සටහන් වී ඇත්තේ එක පොදියට පියාසර කරන්න කළ කුරුලු රංචුවක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ නමුත් මේ බව ධවල මන්දිරය තහවුරු කර නැත.

සතුරු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවෙද්දී, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටියේය. සීක්‍රට් සර්විස් ජනපති ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ජනපතිවරයා ධවල මන්දිරයේ ඇති අධි ආරක්ෂිත බංකරයට රැගෙන ගිය බව ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS