දුරකතන යෙදුම යාවත්කාලීන කිරීමට පියවර



කොවිඩ්-19 එන්නත්කරණය සඳහා හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම අලුත් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.

ඉන්දියාව ‘කොවිඩ්-19’ එන්නත්කරණය වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක් හෙවත් ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දුන් අතර එය යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇත.

මෙම මෘදුකාංගය යටතේ එක් දුරකතනයක් පුද්ගලයන් සිවුදෙනකුට ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබූ අතර නව යාවත්කාලීන කිරීම් සමඟ එක් දුරකතන අංකයකින් පුද්ගලයන් හයදෙනකුට ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.

මේ අනුව එක් ජංගම දුරකතන අංකයකින් එන්නත්කරණය සඳහා හයදෙනකුට ලියාපදිංචි වීමට හැකි අතර එන්නත් සම්බන්ධයෙන් තිබෙන ගැටලු එන්නත් සහතික පත්‍රයේ ඇති ගැටලු නිවැරැදි කිරීමට අලුත් කිරීම් සමඟින් මහජනතාවට අවස්ථාව සලසා තිබේ.

ඉන්දියාව හඳුන්වා දී තිබෙන මෙම මෘදුකාංග ‘කෝවින්’ යනුවෙන් හැඳින්වේ.

(ඒ.එන්.අයි.)


RECOMMEND POSTS