දිල්ලිය තමිල්නාඩුව පරදයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පසු කරමින්, නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ (22) වාර්තා කළේය.
ඊයේ (22) වනවිට දිල්ලි ප්‍රාන්තයෙන් වාර්තා වුණු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 63,655 කි. තමිල්නාඩුවෙන් වාර්තා වුණු ආසාදිතයන් ගණන 62,087 කි. ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ මහාරාෂ්ට්රයෙනි. මේ වනවිට මහාරාෂ්ට්රය ‘ලොක්ඩවුන්’ කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත්තේ ද එහෙයිනි. මහාරාෂ්ට්‍රයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,35,796 කි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)