දිල්ලියේ බෝම්බ බියක්



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහල් හතරක බෝම්බ බියක් හටගත්තේය. ඒ, එම රෝහල්වලට නිර්ණාමික දුරකතන ඇමතුම් ලැබීමත් සමඟය. 

බෝම්බ ඇතැයි දුරකතන ඇමතුම් ලැබුණු සැණින් දිල්ලි පොලිසිය, බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ ගිනි නිවන හමුදාව එක් වී, අසාධ්‍ය නොවන රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් රෝහල්වලින් ඉවත් කර සෝදිසි කළ බව පැවැසෙයි.

රෝහල් කිසිවකින් පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ හෝ හමු නොවුණු බව පසුව අනාවරණය විය. දුරකතන ඇමැතුම් දුන්නේ කවුරුන්දැයි යන්න සෙවීමට විශේෂ විමර්ශන ආරම්භ වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS