දින 35 කදී චීනයේ ’කොවිඩ්’ මරණ 65,000 ක්



චීනයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතින බවත්, ගතවුණු දින 35 ඇතුළත 'කොවිඩ් 19' මරණ 65,000 ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙම මරණ වාර්තා වී ඇත්තේ දෙසැම්බර් 8 වැනිදා සිට පසුගිය ජනවාරි 12 වැනිදා තෙක් කාලයේය.

චීන සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ඉදිරියේ දී 'කොවිඩ් 19' මරණ තව තවත් ඉහළ යනු ඇති බවය. චීනයේ මේ අයුරින් 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ 'කොවිඩ් 19' සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා තහංචි ඉවත් කිරීමට රජය පියවර ගැනීමෙන් පසුවය. චීන රජය මෙම තීරණය ගත්තේ ජනතාව ඊට විරෝධය දක්වා විරෝධතා පවත්වමින් රජයට දොස් කියන්න වූ බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවෙයි. චීන සෞඛ්‍ය අංශ තමන්ට නිරන්තරයෙන් 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් දත්ත ලබා දෙනවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS