දකුණු කොරියාව සමඟ න්‍යෂ්ටික අත්හදා බැලීම් නෑ



දකුණු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද අභ්‍යාසයක් පවත්වන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. ඇමෙරිකා ජනාධිපති බයිඩන් මෙසේ කීවේ, දකුණු කොරියානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කළේ දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී න්‍යෂ්ටික යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවය. දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ උතුරු කොරියාවේ දැඩි විවේචනයට ලක් විය. 

(රොයිටර්)


RECOMMEND POSTS