ත්‍රස්තයන් පැහැරගත් පාකිස්තාන ඇමැති නිදහස්



ත්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබූ පාකිස්තාන ප්‍රාන්ත අමාත්‍යවරයාට නිදහස හිමිවිය. අබ්දුල් උල්ලා බයිග් නමැති එම අමාත්‍යවරයා පැහැර ගැනීම සිදුවූයේ පසුගිය සිකුරාදා (7) ය. අමාත්‍යවරයා නිදහස් කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කළේ ඊයේ (8) යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

පැහැර ගැනීමට ලක්වූයේ පාකිස්තානයේ ගිල්ගිත් බල්ටිස්ටාන් ප්‍රාන්තයේ බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය. පැහැර ගැනීමට ලක් වෙද්දී අමාත්‍යවරයා ඉස්ලාමාබාද් අගනුවර සිට බාබුසාර් නගරය බලා ගමන් කරමින් සිටි බව පැවැසෙයි.

අමාත්‍යවරයා පැහැර ගත් ත්‍රස්ත කල්ලියේ නායක අබ්දුල් හමීඩ් ගිල්ගිත් බල්ටිස්ටාන් ප්‍රාන්ත රජයට බල කරමින් කියා සිටියේ, අබ්දුල් උල්ලා බයිග් නිදහස් කිරීමට නම්, අත්අඩංගුවේ පසුවන ත්‍රස්ත සාමාජිකයන් කීප දෙනෙකු නිදහස් කළ යුතු බවය.

අමාත්‍යවරයා නිදහස් කර ගැනීම සිදුවූයේ ත්‍රස්ත සාමාජිකයන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් ද පසුව ඇතිකරගත් එකඟතාවකට අනුවය. සාකච්ඡා සඳහා  ගිල්ගිත් බල්ටිස්ටාන් ප්‍රාන්ත රජයට පමණක් නොව, පාකිස්තාන මධ්‍යම රජය ද සම්බන්ධ විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS