තවත් වසරක් මුඛ ආවරණ පැලඳිය යුතුයි



ජාතික එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුවද තවත් වසරක් යන තුරුවත් මුඛ ආවරණ පැලඳිය යුතු යැයි එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යා උපදේශක වන පැට්‍රික් වොලන්ස් ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පතට පවසා ඇත.

එක්සත් රාජධානිය මේ වනවිට සිය දැවැන්ත එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම් දෙක එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත සිය ජනතාවට දීම එක්සත් රාජධානිය ආරම්භ කළේය.

“අපි ලබන ශීත ඍතුව වන තෙක් වත් මුඛ ආවරණ පැලඳිය යුතු” යැයි වොලන්ස් කීය.

එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කළ ද ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා දැනට පනවා තිබෙන සීමා තවදුරටත් සීමා කළ යුතු බව ද වොලන්ස් උපුටා දක්වමින් ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත් වාර්තාව සඳහන් කර ඇත.

‘ද ගාඩියන්’ ඇසුරිනි


RECOMMEND POSTS