තල්මස් ප්‍රෝටීනය ආයු කාලය දිගු කරනවා



ලොව වැඩිම කාලයක් ජීවත් වන සත්වයකු ලෙස ‘බෝහෙඩ්’ තල්මසුන් සැලකෙයි. මෙම තල්මසාගේ ශරීරයේ ඇති විශේෂ ප්‍රෝටීනය ඊට හේතුවය. මෙම ප්‍රෝටීනය, මනුෂ්‍ය අපේ ආයු කාලය දීර්ඝ කිරීමට උපකාරී විය හැකි බව නව පර්යේෂණයකින් හෙළිවී තිබේ. ඇමරිකාවේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරමින් සිටිති.

වසර 200 කට ආසන්න කාලයක් ජීවත්වන බෝහෙඩ් තල්මසුන්ගේ ශරීරයේ CIRBP නම් DNA අලුත්වැඩියා කරන ප්‍රෝටීනය අඩංගු වෙයි. මෙම ප්‍රෝටීනය, DNA හානි අලුත්වැඩියා කිරීම මගින් වයස්ගත වීම සහ පිළිකා වැනි රෝග අවම කිරීමට උපකාරී වෙයි. විද්‍යාඥයන් උත්සාහ ගනිමින් සිටින්නේ මෙම ප්‍රෝටීනය මිනිස් සෛල හා සම්බන්ධ කිරීමටය. 
 
මනීෂි මංජරී
BBC ඇසුරිනි


RECOMMEND POSTS