ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි වෙලා



ලෝක ඉතිහාසයේ තම ධනයෙන්  ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ඉලෝන් මස්ක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෙස්ලා සමාගමේ කොටස් කඩා වැටීමත් සමඟ මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. 2021 වසරේ නොවැම්බර් 4 වැනිදා මස්ක්ගේ මුළු ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 340 ක් ලෙස සටහන් විය.

2022 වසරේ ටෙස්ලා කොටස් අගය සියයට 65 කින් පමණ පහත වැටීමත් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමත් ඔහුගේ ධනය අඩුවීමට ප්‍රධාන හේතු වී ඇතැයි විදේස් මාධ්‍ය පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS